Post Thumb

ගංවතුර හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් ළමුන් 70 000කට ආසන්න ප්‍රමාණයක් ආපදාවට ලක්ව  ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එහිදී අනාවරණය වූයේ බස්නාහිර පළාතේ කලාප 11න් කලාප 08ක සිසුන් ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව ඇති බවයි.

ඒ අනුව කොළඹ කලාපයේ සිසුන් 6882 ක් ජයවර්ධනපුර කලාපයේ 10 994 දෙනෙක්, හෝමාගම කලාපයේ 5281 දෙනෙක්, කැලණිය කලාපයේ සිසුන් 31 868 දෙනෙකු මෙම ගංවතුර හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.

එමෙන්ම මීගමුව කලාපයේ සිසුන් 4611 ක් ද, හොරණ කලාපයේ සිසුන් 252ක් ද මෙම ආපදා තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ.

එසේ  ආපදාවට ලක්වූ  සිසුන්ට අභ්‍යාස පොත්, පෙළ පොත්, නිළ ඇඳුම්, සපත්තු සහ බෑග් අවශ්‍යව ඇති බැවින් කඩිනමින් එම ද්‍රව්‍ය ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යංශය පැවසීය.

 

  • Views 65