කැලණිය විශ්වවිද්‍යාලයේ පවතින ශිෂ්‍ය මර්දනයට  හා සිදුනොවූ නවක වදයක් පෙන්වමින් මවා ඇති නවක වදය නමැති බිල්ලා පිළිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා කරගෙන යන ශිෂ්‍ය මර්දනයට විරෝධය පළ කරමින් විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් පිරිසක් අද දහවල් මහනුවර නගරයේ ඔරලෝසු කනුව අසලදී දැවැන්ත උද්ඝෝෂණයක නිරත වුණි.

මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය සහ කැලණීය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක්‍රියාකාරීන් විසිනි.

මෙහිදී අදහස් දැක්වූ මහා ශිෂ්‍ය සංගමයේ ලේකම් පූජ්‍ය මඩුගල්ලේ බුද්ධ රක්ඛිත හිමි පැවසූයේ කැලණිය විශ්ව විද්‍යාලයේ සිදු කරන මෙම ශිෂ්‍ය දඩයමට එරෙහිව දිවයිනේ ප්‍රධාන නගර 05 ක මෙවැනි උද්ඝෝෂණ පැවැත්වෙන බවත් මෙම  ශිෂ්‍ය මර්දන වහාම නවතන ලෙසට තමන් බලධාරීන්ට බලකරන බවත්ය.

ශිෂ්‍ය මර්දන නතර නොකළොත් මීට වඩා ශිෂ්‍ය විරෝධතාවයක් ගෙන යන බව ද එහිදී වැඩිදුරටත් පැවසීය.

සිසුන් පැයක පමණ කාලයක් මෙම විරෝධතාවයේ යෙදුණි.

  • Views 145