Post Thumb

සාම්පූර් මහා විද්‍යාලයේ පසුගියදා පැවති උත්සවයකදී නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිළධාරියෙකුට පහත් අන්දමින් බැන වදින ආකාරය ඇතුළත් වීඩියෝවක් පසුගිය සිකුරාදා අන්තර්ජාලයට මුදාහැර තිබුණි.

විදෙස් තානාපතිවරයෙකු සහ පළාත් ආණ්ඩුකාරවරයාද එම ස්ථානයේ සිටි බැවින් මේ සම්බන්ධයෙන් ඉහළ තීන්දුවක් ගැනීමට සිදුවන බවත්, සිද්ධිය සම්බන්ධයෙන් වන වාර්තාව ජනාධිපතිවරයාට යොමුකර ඇති බවත් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි.

තවද නැගෙනහිර පළාත් ප්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා සහභාගිවන උත්සව නියෝජනය නොකිරීමටත්,  ත්‍රිවිධ හමුදා කඳවුරුවලට ඇතුළත්වීමට ප්‍රධාන අමාත්‍යවරයාට අවසර ලබානොදීමටත්  ත්‍රිවිධ හමුදාව විසින් තීරණය කර තිබේ.

සාම්පූර් නාවික හමුදා කඳවුර භාර ප්‍රධානී කපිතාන් ප්‍රේමරත්න මහතාට ප්‍රසිද්ධියේ බැණවැදීමේ සිද්ධිය හේතුවෙන් ත්‍රිවිධ හමුදාව මෙම තීරණයට එළඹ ඇත.

නාවික හමුදාපතිවරයා තවදුරටත් පැවසූයේ, මෙම නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ නාවික නිළධාරීන් විනයානුකූලව හැසීරීම සම්බන්ධයෙන් මා සතුටට පත් බන බවයි.

  • Views 67