Post Thumb

විශ්වවිද්‍යාල තුළ පවතින නවක වදය සහ හිංසන ක්‍රියා තුරන් කිරීම කෙරෙහි රජයේ විශේෂ අවධානය යොමු වී ඇති බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම අමාත්‍යංශයේ ලේකම් ඩී.සී දිසානායක මහතා පැවසුවේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

උපකුලපතිවරුන්, ආචාර්යවරුන් ඇතුළු සියලුම නිලධාරීන් සමඟ එක්ව නවක සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී ඔවුන්ගේ ආරක්ෂාව සඳහා එම විශේෂ වැඩපිළිවෙළ සකස් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම අදාළ කාරණය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන බව මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ඩී. සී. දිසානායක මහතා පැවසීය.

යම් කිසි අයුරකින් සිසුන් යළි මෙවැනි ක්‍රියා සිදුකරන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ද විශ්වවිද්‍යාල පාලනාධිකාරිය කටයුතු කරනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

 

  • Views 67