Post Thumb

ජපානයේ පැවැත්වෙන ජී 7 සමුළුවට සහභාගීවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අද (26) පෙරවරුවේ දකුණු ජපානයේ නගෝයා ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළඟාවිය.

ජනාධිපතිතුමා ඇතුළු දූත පිරිස එරට විදේශ අමාත්‍ය යෝජි මුතෝ (Yoji Muto),  දිස්ත‍්‍රික් ආණ්ඩුකාර හිදේකි ඔමුරා (Hideaki Oomura) යන මහත්වරුන් ඇතුළු එරට නියෝජිත පිරිසක් විසින් එහිදී මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව ජනාධිපතිතුමා නවාතැන් ගත් නගෝයා හිල්ටන්හි දී (Nagoya Hilton) ජනාධිපතිතුමා සාම්ප‍්‍රදායානුකුලව පිළිගැනීමේ උත්සවයක් ද සංවිධානය කර තිබුණි.

ජනාධිපතිතුමා අද පස්වරුවේ වියට්නාම අග‍්‍රාමාත්‍ය භටහමහබ ඞම්බ ඡුයමජ මහතා සමග ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර ජී-7 සමුළුවේදී සාකච්ඡා කිරීමට නියමිත තිරසාර සාමය, තිරසාරත්වය හා සෞභාග්‍යය යන මාතෘකා පිළිබඳව එහිදී අදහස් හුවමාරු කරගනු ඇත.

අනතුරුව ජනාධිපතිතුමා ජපානයේ විදෙස් වෙළෙඳ සංවිධානයේ ප‍්‍රධානී හිරෝයුකි ඉෂිගේ (Hiroyuki Ishige) සහ (Onomichi Dockyard) ආයතනයේ සභාපති ටකාෂි නකාබේ යන මහත්වරුන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

ශ‍්‍රී ලංකාවට ආර්ථික ප‍්‍රතිලාභ රැසක් අත් කරගැනීමේ අපේක්ෂාවෙන් ජපාන ශ‍්‍රී ලංකා ද්විපාර්ශවික සාකච්ඡා මෙම සමුළුව අතරතුර පැවැත්වෙනු ඇත.

 

  • Views 65