Post Thumb

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ නංවන්නැයි ඉල්ලමින් අමාත්‍ය පී. දිගම්බරන්, මනෝ ගනේෂන්, රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්ණන් ඇතුළු මහජන නියෝජිතයින් කිහිපදෙනෙකු කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වේ.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධක්‍රිෂ්නන් මහතා එහිදී පැවසූයේ රජයේ සේවකයින්ට ලබාදුන් 2500 ක වැටුප් වර්ධකය වතු කම්කරුවන්ටද ලබා දිය යුතු බවයි.

මේ සඳහා දින හතරත් ඇතුළත නිසි පිළිතුරක් ලබා නොදුන්නහොත් ලංකාව පුරා වතු සේවකයින් සමඟ වැඩ වර්ජනයක් අරඹන බවත් එතුමා එහිදී වැඩිදුරටත් පැවසීය.

අරවින්ද කුමාර් සහ සුරේෂ් වඩිවේල් යන මහත්වරුන් ඇතුඵ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් කිහිප දෙනෙකුද මෙම සත්‍යග‍්‍රහයට එක්වී තිබේ.

  • Views 174