Post Thumb

මේ වනවිට නැගෙනහිර මහ ඇමති, නාවික නිලධාරියාට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා පාර්ශ්වයෙන් වාර්තාවක් කැඳවා තිබේ.

එසේම අග්‍රාමාත්‍යවරයා  විසින් නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතාගේ පාර්ශ්වයෙන් ද වාර්තාවක් කැඳවීමට තීරණය කර ඇත.

ජනාධිපතිතුමන්ගේ ජපානයේ සංචාරයෙන් අනතුරුව අදාළ වාර්තා අග‍්‍රාමාත්‍යවරයා විසින් ජනාධිපතිතුමන් වෙත භාරදීමට නියමිතය.

ජනාධිපති මෙම සිද්ධිය සම්බන්ධයෙන් තීරණයක්  ගන්නා තුරු මේ පිළිබඳ මාධ්‍යයට කිසිදු ප‍්‍රකාශයක් ලබා නොදෙන්නැයි අග‍්‍රාමාත්‍යවරයා නාවික හමුදාව සහ නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත දැනුම් දී තිබේ.

මේ අතර නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා නාවික හමුදා නිලධාරියෙකුට බැණ වැදීම තම පක්ෂය කිසිවිටෙකත් අනුමත නොකරන බව ශී‍්‍ර ලංකා මුස්ලිම් කොංග‍්‍රසය පවසයි.

එසේම ජාතික හෙළ උරුමය පවසනුයේ, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා නාවික හමුදා නිලධාරියාගෙන් ප‍්‍රසිද්ධියේ සමාව ගත යුතු බවයි.

එහි ජාතික සංවිධායක නිශාන්ත ශී‍්‍ර වර්ණසිංහ මහතා පවසා ඇත්තේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අග‍්‍රාමාත්‍යවරයා සිය අවධානය යොමු කළ යුතු බවයි.

 

 

  • Views 55