Post Thumb

මඩ ගහන්න කලින් මඩ නාගන්න යැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය, වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති නමින් පෙනී සිටි කණ්ඩායමෙන් ඉල්ලා සිටී. අද දින වරාය පරිශ්‍රයේ පත්‍රිකාවක් බෙදාහරිමින් එම සමිතිය පෙන්වා දෙන්නේ පසුගිය දිනවල වරාය පරිශ්‍රයේ සිදුවූ වෘත්තීය සමිති අරගලය යැයි හැඳින්වූ ක්‍රියාව පිටපතක් අනුව සිදු වූ බවයි. එම සැලැස්ම හෙළිවීමෙන් පසු තමන් වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමැති කණ්ඩායමෙන් ඉවත්වූ බවද පොදු සේවක සමිතිය පවසයි.

“අපේ වෘත්තීය සමිති නායකයින් WD කම් ඉල්ලමින් ඇමතිවරුන් ළඟ කිසිදිනක හඞා වැටී නැත. අපේ නායකයින් පෞද්ගලික වුවමනාවන් වෙනුවෙන් වරායේ වාහන ලබාගෙන ද ඇත. අපේ නායකයින් තමන්ගේ ගෙවල් කුලියට දී වරාය සතු හොඳම ගෙවල් ටික අපි අතර බෙදාගැනීමට කටයුතු කර නැත.  ගෝල්ෆේස් එකේ ටිකට් කඩන්නද අපි ඉල්ලුම් කර නැත. ඒ විතරක් නොව ගෝල්ෆේස් එකේ කඩදාන්නද අප ඉල්ලුම් කර නැත. වරායට වාහන දාන්න අපි ඉල්ලලාද නැත. වරාය රැකියා ලබාදෙන්නද අප ඉල්ලුම් කර නැත. වරාය මුළුතැන්ගෙට භාණ්ඩ සැපයීමට, පරණ යකඩ විකිණීමට ද අප ඉල්ලුම් කර නැත. එපමණක් නොව පඩි වැඩි නොකරන ලෙස පාලකයින්ට ගතු කියාද නැත.  එසෛ්ම වරාය විකුණමු කියමින් කිසි දිනක අප පෙළපාලි ගොස්ද නැත. කප්පරක් වැරදි ඇති බව කියන ධම්මික රණතුංග සභාපතිතුමා පත් කරගැනීමට එකඟත්වය පළ කරමින් ලියුම් ලියාද නැත. අපේ වෘත්තීය සමිති නායකයින් සියලුදෙනාම පසුගිය අවධියේ සිදු කරන ලද දේශපාලන පලිගැනීම් සියල්ල නැවත යථාවක් කරගනු ලැබුවේ නඩුමගට බැසීමෙනි. එහෙති ස්වාධින යැයි කියාගෙන යූඑන්පීඑකේ මස්කටු බුදින සමහර වෘත්තීය සමිති නායකයෝ හිටපු සභාපති වෙත ගොස් දණ්ඩ නමස්කාර  කර, ත්‍රීකුණාමල වරාය වෙත කරනු ලැබූ ස්ථාන මාරුව වෙනස් කර නැවත කොළඹ වරාය තුළම රැඳීමට අවශ්‍ය කටයුතු කළ බව මඩ ගහන මහත්වරුන්ට අමතකව ඇත. කෙටියෙන් කිවහොත් දවල් මිගෙල් - රෑ දැනියෙල් වැනි කටයුතු අප විසින් සිදු කර නැත. අපි මෙම කටයුතු කිසිවක් සිදුකර නැති බව තහවුරු කිරීමට අවශ්‍ය ලිඛිත සාක්ෂි අප සතුව ඇත. කිසියම් අයෙකු වෙතොත් ඒවා පරීක්ෂා කරබැලීමේ ඉඩකඩ පවතින බවද මෙහිදී සඳහන් කිරීමට කැමැත්තෙමු. ඩීල් පිළිබඳව කතාකරන මහත්වරුන්හට අපිට කියන්නට ඇත්තේ ඩීල් පැවතියේත්, අද ඩීල් පවතින්නේත් කා තුළද කියා සෑම වරාය සේවකයෙකුම හොඳින් දන්නා බවයි...   ” යනුවෙන්ද එම ප්‍රකාශයේ වැඩිදුරටත් සඳහන් විය.

 

  • Views 342