Post Thumb

මාධ්‍යය හමුවේ බොරු සංදර්ශන පැවැත්වීම තමාගේ ක‍්‍රමය නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

එතුමා මේ බව පැවසූයේ වත්තල, වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානයේදී සංවිධානය කෙරුණු වෛද්‍යසායනය අරම්භ කරමිනි.

එතුමාගේ උපදෙස් මත එම වෛද්‍ය සායනය සංවිධානය විය.  

එතුමා එහිදී අවධාරණය කළේ සුදුසු දේ අවශ්‍ය වෙලාවේදී සිදු කර මාධ්‍යය දැනුවත් කිරීම වැදගත් වන බවයි.

මෙම  වෛද්‍යසායනය ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරුන්, හෙදියන් සහ ගාල්ල වෛද්‍ය පීඨයේ වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණ.

වෛද්‍ය සායනයට අවශ්‍ය ඖෂධ ලබාගැනීම සඳහා ගරු වරාය සහ නාවික නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මැතිතුමා කටයුතු සම්පාදනය කළේය.

ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයයි.

 
  • Views 143