පසුගිය ආණ්ඩුව කළාක් මෙන් තමන්ට අවශ්‍ය අය සිරගෙදරට යැවීම යහපත් පාලනයක ලක්ෂණයක් නොවන බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

එතුමා වැඩිදුරටත් කියා සිටින්නේ දූෂිත පුද්ගලයින්ට දඬුවම් පැමිණ වීම නිසි පරීක්ෂණයකින් පසුව සිදු කළ යුතු බවයි.

එතුමා මේ බව පැවසූයේ ගංවතුරින් අවතැන් වූවන්ට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනකට සහභාගි වෙමිනි.

ගංවතුරින් අවතැන් වූවන්ට ආධාර බෙදා දිමේ වැඩසටහන අදද ක්‍රියාත්මක වූයේ ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගනිමිනි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවක සේවක මහත්ම  මහත්මීන්ගේද සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

එම වැඩසටහනට සමගාමීව වත්තල වැලිකඩමුල්ල වාළුකාරාම විහාරස්ථානය සහ තෙළඟපාත සුධර්මාරාම විහාරස්ථානය යන ස්ථානයන්හි වෛද්‍ය සායනද පැවැත්වීය.

මීළඟ වෛද්‍ය සායනය ලබන බ්‍රහස්පතින්දා කටානේදී පැවැත්වේ.

 

  • Views 113