Post Thumb

වරාය හිටපු සභාපති ප්‍රියත් බන්දු වික්‍රම මහතා බරපතළ වංචා සෙවීමේ  ජනාධිපති විමර්ශන කොමිසම වෙත අද පැමිණියේය.


ජනාධිපති විමර්ශන කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු එහි කැඳවු බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය අධිකාරියේ සභාපතිවරයාව සිටි සමයේ විධායක අධ්‍යක්ෂ කාර්යාලය වෙත සේවකයින් නිදහස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඔහුගෙන් ‍ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ඒ අනුව අදාළ ප්‍රකාශය ලබාදීම සඳහා  අද පෙරවරු 09.30ට පමණ ප්‍රියත් බන්දු වික්‍රම මහතා කොමිසම වෙත පැමිණ තිබේ.

 

 

  • Views 122