Post Thumb

පශ්චාත් සීමාවාසික පත්වීම් ලැබූ වෛද්‍යවරුන්ගේ මාරුවීම් ප්‍රතිපත්තියට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් සිදුකරනු ලබන අත්තනෝමතික ඇඟිලිගැසීම්වලට එරෙහිව හෙට දීප ව්‍යාප්ත සංකේත වැඩවර්ජනයකට යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.


එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක,වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසූයේ ආපදාවට ලක්වූ කොළඹ, ගම්පහ,කෑගල්ල යන දිස්ත්‍රික්ක සහ මාතෘ, ළමා, පිළිකා, වකුගඩු සායන සඳහා මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බවයි.

 

දිවයින පුරා සෙසු රෝහල්වල හෙට පෙ.ව 8.00 සිට දහවල් 12.00 දක්වා මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු පැවසීය.

එසේම හෙට දිනයේ මෙම ගැටළුවට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණහොත් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක් මින් ඉදිරියට ක්‍රියාවට නංවන බවත් ඔහු පැවසීය.

 

 

  • Views 130