Post Thumb

නව බදු සංශෝධනය හේතුවෙන් ත‍්‍රීරෝද රථ සහ ඒවායේ අමතර කොටස්හි මිළ ගණන් ඉහළයාම නිසා ත‍්‍රීරෝද රථ ගාස්තු ඉහළ දැමීමට සිදුව ඇති බව සමස්ත ලංකා ත‍්‍රීරෝද රථ රියදුරන්ගේ සහ හිමිකරුවන්ගේ සංගමය පවසයි. 

එම සංගමයේ සභාපති ජී. සුදිල් ජයරුක් මහතා කියාසිටියේ නව බදු සංශෝධන පිළිබඳ ත‍්‍රීරෝද රථ ආනයනික සමාගම් සමගද අද (30) දිනයේදී සාකච්ඡා කිරීමට නියමිත බවයි. 

ජී. සුදිල් ජයරුක් මහතා වැඩිදුරටත් කියා සිටියේ ත‍්‍රීරෝද රථ කර්මාන්තයේ පවතින ගැටලු සම්බන්ධයෙන් ඉදිරි සතිය ඇතුළත තීරණයක් ගන්නා බවයි. 

  • Views 127