Post Thumb

සැලසුම් කළ පරිදි අද(31) වෛද්‍යවරු වැඩවර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් සඳහා සකස් කර ඇති පත්වීම් ලේඛනයට විරෝධය පළකරමින් මෙම වැඩවර්ජනය දියත් කෙරෙනු ඇත.

මෙම වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවකට ලක්විය හැකි බවද  එහිදී ප‍්‍රකාශ කෙරුණි. 

ආපදාවට ලක්වූ කොළඹ, ගම්පහ සහ කෑගල්ල දිස්ත්‍රික්කයන්හි  මෙම වර්ජනය ක්‍රියාත්මක නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද කැඳවා ඇති මෙම වැඩවර්ජනය අසාධාරණ බව බහුවිධ අංශයන්හි නිපුණතා පූර්ණ වෛද්‍ය නිලධාරී සංගමය පවසයි. එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ තමන් මෙම වැඩවර්ජනයට එක් නොවන බවයි. 

  • Views 148