Post Thumb

කොළඹ වරාය, කලාපයේ ඇති හොඳම වරායන් අතරට ගෙනයාම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ ජාතික වාණිජත්ව මණ්ඩලය විසින් සංවිධානය කෙරුණු Meet the Minister වැඩසටහනට සහභාගීවෙමිනි.

එහිදී වැඩිදුරටත් කියා සිටියේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පුළුල් කිරීම සඳහාත් මෙහිදී ක්‍රියාමාර්ග ගන්නා බවයි. වඩාත් සාර්ථක ආයෝජකයින් සඳහා අවස්ථාව ලබාදීමට අමාත්‍යවරයා සූදානම් බවද පැවසීය.

වාණිජත්ව මණ්ඩලය  මාසිකව මෙම වැඩසටහන සංවිධානය කරයි.

මෙවර වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සමඟ මේ සඳහා ශ්‍රී ලංකා වරාය අධීකාරියේ කලමනාකරණ අධ්‍යක්ෂ සරත් කුමාර  මහතා ද සහභාගී විය. 

වාණිජත්ව මණ්ඩල ශ්‍රවණාගාරයේදී වැඩසටහන පැවැත්විණි.

Meet the Minister වැඩ සටහනින් ව්‍යාපාරික ප්‍රජාවට අමාත්‍යවරුන් හා ඍජුව සාකච්ඡා කිරීමට අවස්ථාවක් උදා වේ.

එසේම අමාත්‍යවරයා වෙත සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලැබේ. මෙය සංවාදාත්මක ස්වරූපයෙන් සිදුකරයි.

අමාත්‍යාංශ යටතේ ඇති අනාගත සැලසුම් හා වර්තමාන ක්‍රියාකාරීත්වයන් හා එම කෙෂ්ත්‍රයට අදාළ වන බලපෑම් එහිදී සාකච්ඡා කෙරේ. 

  • Views 140