Post Thumb

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුවූ බව කියන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් 7 දෙනා ඇප මත මුදාහැරීම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබේ.


ඒ අනුව ඔවුන් ලබන 14 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කර ඇත.

සිද්ධියට අදාළ විමර්ශන කටයුතුවල දී තවත් සැකකටයුතු වකුගඩු සැත්කම් පහකට අදාළ ලිපිගොනු හමුවී ඇති බවද පොලීසිය අධිකරණයට දැනුම් දී තිබේ.

ඒ අනූව ඒ පිළිබඳ පරීක්ෂණ කඩිනම් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා පොලීසියට නියෝග කර ඇති අතර මීළඟ නඩුවාරයට මේ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසද නියෝග කර ඇත.

  • Views 119