කෘත‍්‍රිම දිය ඇල්ලක් වැටෙන දිය කඩිත්තකට වැටුණු කුඩා දරුවකු සමග සෙල්ලම් කිරීමට උත්සාහ කළ ගෝරිල්ලකු වෙඩි තබා ඝාතනය කිරිමේ ශෝචනීය පුවතක් ඇමෙරිකාවෙන් වාර්තා වේ. මේ සිදුවීම පසුගිය සෙනසුරාදා සිදුව තිබෙන්නේ ඇමෙරිකාවේ දෙවැනි විශාලතම සත්වෝද්‍යානය වන සින්සිනැටි සත්වෝද්‍යානයේදීයි. 

දරුවා වැටුණේ මවගේ නොසැලකිල්ල නිසා

සත්වෝද්‍යානය නැරඹීමට පැමිණි තුන්හැවිරිදි කුඩා දරුවා කෘත‍්‍රිම දිය ඇල්ලක් වැටෙන අඩි විස්සක් ගැඹුරු දිය කඩිත්තකට වැටී ඇත්තේ දෙමාපියන්ගේ ග‍්‍රහණයෙන් මිදීමෙන් පසුවයි. දියවලට වැටුණු දරුවා සමග සෙල්ලම් කිරීමට එහි සිටි ගෝරිල්ලා මව උත්සාහ කර ඇත. හාරම්බි නම් වූ එම ගෝරිල්ලා මව කුඩා දරුවා දිය පහර දෙබෑ කරගෙන ඇදගෙන යන අයුරු විඩියෝ දසුන්වල පැහැදිලිව සදහන් වේ.පසුව රාත්තල් 400ක් බර මේ ගෝරිල්ලා මවට වෙඩිතබා ඝාතනය කිරීමට සත්වෝද්‍යාන බලධාරීහු තීරණය කළහ. කෙසේනමුත් ඝාතනය වීමට පෙර ගෝරිල්ලා මව කුඩා දරුවා ඉතා සුරක්ෂිතව තබා ගෙන සිටි බව අලුත්ම ඡුායාරූපවල දැක්වේ. එම ඡුායාරූප අන්තර් ජාලයට නිකුත් වීමත් සමග ගෝරිල්ලා මව ඝාතනය කිරීමට එරෙහිව මේ වන විට විශාල විරෝධයක් මතුවෙමින් තිබෙන බවද විදෙස් වාර්තා පවසයි. එම ඡුායාරූප විශ්ලේෂණය කරන සත්ව විද්‍යාඥයින් පවසන්නේ කුඩා දරුවාට හානියක් කිරිමේ කිසිදු අදහසක් ගෝරිල්ලා මවට නොතිබුණු බවයි. කුඩා දරුවා බේරා ගැනීමට ගෝරිල්ලා මව උත්සාහ දරා ඇතැයිද සත්වවේදීහු පවසති. 

  • Views 142