Post Thumb

දුම්රිය දෙපාර්තමේන්තුව මේ වනතෙක් සිය වැටුපට රුපියල් 10,000ක දීමනාව  සහ අනෙකුත්  දීමනා කිසිවක් එකතු කිරීමට පියවර ගෙන නොමැති බව දුම්රිය ශ්‍රේණිගත වෘත්තීය සමිති එකමුතුව පවසයි.


එහි කැඳවුම්කරු ජානක ප්‍රනාන්දු මහතා පැවසූයේ පාර්ලිමේන්තුව මගින් සම්මත කර තිබියදීත් එම දීමනාව මෙතෙක් වැටුපට එකතු කිරීමට කටයුතු කර නොමැති බවයි.

මීට අදාළව දෙපාර්තමේන්තු බලධාරීන් වහාම පියවර ගත යුතු බව ජානක ප්‍රනාන්දු මහතා පවසයි.

මේ සඳහා නිසි විසඳුම් නොලැබුනහොත් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව ද හෙතෙම අවධාරණය කරයි.

  • Views 166