අයහපත් කාලගුණිය හේතුවෙන් හන්තාන කදු ප්‍රදේශයේ නාය යෑමේ ස්වභාවයක් උද්ගත වී ඇතත් එයින් මහනුවර ප්‍රදේශයට අවධානමක් නැතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික් ස්ථාන භාර නිලධාරී නිශාන්ත පීරිස් මහතා පවසයි.

නායයෑමේ අවධානමට ලක්වු 4 කනුව වත්ත සහ 5 කනුව වත්ත ප්‍රදේශයේ ඡනතාව පැවසූයේ, වර්ෂාව පැය 3 කට ආසන්න කාලයක්  එක දිගට ඇද හැලුනහොත් ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එහි පැමිණි නිලධාරින් දන්වා ඇති බවයි. මේ නිසා ස්ථීරව බිම් කැබැල්ලක් අවශ්‍ය බව රජයෙන් ඉල්ලීමක් කරන ඔවුන් තමන්ගේ ජීවත අවධානම් බවද එහිදී පැවසීය.

මෙම නාය ගිය ප්‍රදේශය භු විද්‍යාඥයින් විසින් පසුගිය දා නිරික්ෂනය කල බවත් හන්තාන උඩ කොටසේ (4කණුව සහ 5කණුව) කොටස වසර දහස් ගනනක සිට සිදුවූ නායයෑම් නිසා තැන්පත් වූ සුනුපහන් පස් අංශු වලින් සැදුනු ප්‍රදේශයක් බවත් අධික වර්ෂාවක් ඇති වන විට මෙම පසෙහි ඇති කුඩා හිඩැස් තුලට ජලය දිගින් දිගටම ඇතුලු විම නිසා භූමිය ජලයෙන් සංතෘප්ත වීමෙන් මෙය නැවත සක්‍රිය වී දැඩි අවදානම් තත්ත්වයක් ඇති වන බවද එනමුත් වර්ෂාව අඩු වි භූගත ජල මට්ටම අඩු වීමේදී අවදානම ද අඩු වන බවත් නිශාන්ත පීරිස් මහතා පැවැසිය.

මේ වනවිට නායයෑමේ අවධානමට ලක්ව සිටන උඩුවෙලවත්ත 4කණුව සහ 5කණුව වත්‍ත ප්‍රෙද්ශයේ ‍පදිංචි පවුල් 84 ක් පමණ එම ස්ථානයෙන් ඉවත්ව තාවකාලිකව ශිවානි දෙමළ මහා විද්‍යාලයේ නතර වීම සඳහා මහනුවර දිස්ත්‍රික් ලෙඛම් එච්.එම්.සි.හිටිසේකර මහතාගේ උපදෙස් දී ඇත.

ඔවුන්ට අවශ්‍ය ආහාරපාන හා සෞඛ්‍ය පහසුකම් සපයා ඇති බවත් ඔවුන් පදිංචි කරවිමට කඩිනමින් සුදුසු ස්ථාන සොයා බැලිමට දිස්ත්‍රික් ලේඛම්තුමා කටයුතු කරන බවත් මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා පවසයි.

  • Views 126