Post Thumb

රාජගිරිය ප‍්‍රදේශයේදී රිය අනතුරකට ලක් වූ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් මහතා අද කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයට අද (01) ඉදිරිපත් කෙරුණී. 

කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා ඇත්තේ අපරික්‍ෂාකාරී රිය ධාවනය, අනතුරක් වළක්වා ගැනීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් 1500ක රජයේ ගාස්තුවක් ගෙවන ලෙස නියෝග කර ඇත.

වැලිකඩ පොලීසිය මගින් මන්තී‍්‍රවරයාට එරෙහිව ගොනුකර තිබූ තුන්වන චෝදනාව වන බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළව නඩුවක් ඉදිරියට ගෙනයාමට නොහැකි බව අතිරේක මහේස්ත‍්‍රාත්වරයා අධිකරණයට දැනුම් දුන් බව වාර්තා වේ. 

  • Views 65