ලොව දිගින් හා විශාලත්වයෙන් වැඩිම අධිවේගී උමං දුම්රිය මාර්ගය  විවෘත කෙරේ.

ගොතාර්ඩ් නමින් හැඳින්වෙන්  මෙම උමං දුම්රිය මාර්ගය විවෘත කිරීමේ අවස්ථාවට ජර්මන් චාන්සලර් ඇන්ජලා  මර්කල්, ප්‍රංශ ජනාධිපත් ෆ්‍රාන්සුවා හොලාන් සහ ඉතාලි අගමැත් මැතියෝ රෙන්සි යන මහත්වරුන් එක්වූහ.

මේ වනතෙක් ලොව විශාලතම උමං දුම්රිය මාර්ගය ලෙස සැලකූයේ 1988 වර්ෂයේ ඉදිකෙරුණු ජපානයේ සේකන් උමං මාර්ගයයි. එසේම 1994 වර්ෂයේ  ප්‍රංශය සහ එංගලන්තය අතර ඉදිකෙරුණු යූරෝ උමං මාර්ගය දෙවන ස්ථානයේ පසුවිය.

නමුත් ස්විස්ටර්ලන්තයේ ඉදිවූ මෙම ගොතාර්ඩ් උමං මාර්ගය එම  වාර්තා බිඳ දැනට ලොව පවතින විශාලතම හා දිගින් වැඩිම උමං දුම්රිය මාර්ගය බවට පත් වී තිබේ.

මෙහි දිග කිලෝමීටර 57.09 ක් එනම් සැතපුම් 35.5 ක් පමණ වේ.

යුරෝපයේ උතුරේ සිට දකුණට විහිදී ඇති මෙම උමං දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා වසර 20ක පමණ කාලයක් ගතවී තිබේ. ඒ සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 12ක් වැය වී ඇති බවද වාර්තා වේ.

මෙතෙක් ලොරි හරහා සිදුවූ භාණ්ඩ ප්‍රවාහන කටයුතු  මේ තුළින් පහසු වී ඇති බවද විදෙස් වාර්තා පවසයි. 

  • Views 165