Post Thumb

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ගේ පත්වීම් ලැයිස්තුව සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය රාජිත සේනාරත්න සිය කැමැත්ත පළ කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.

එම සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී මෙම එකඟතාවය පළ කළ බවයි.

ඒ අනුව අද දිනයේ අදාළ පත්වීම් ලැයිස්තුව යළි සකස් කිරීම පිළිබඳ සාකච්ඡාවක් සිදුකරන බව හෙතෙම පවසයි.


මේ අතර අද පෙරවරුවේ රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභාවක් කැඳවා තිබේ.

එහිදී රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය විසින් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව තීරණය කරන බව  රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා සඳහන් කළේය.

  • Views 139