Post Thumb

නීතිවිරෝධීව අලි පැටවෙකු ළග තබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් කොළඹ හිටපු අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්අඩංගුවට ගන්නැයි ගංගොඩවිල මහේස්ත‍්‍රාත් අධිකරණය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කර ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප‍්‍රකාශ කර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව තිළිණ ගමගේ මහතා සැකකරුවෙකු ලෙස නම් කරන බවයි. ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගන්නැයි අධිකරණය නියෝග කර තිබේ.

  • Views 157