Post Thumb

ව්‍යාඡ ලේඛන සකසා අලි පැටව් ළඟ තබාගත් අලි හොරුන් නැවත එම අලින් ලබාගැනීමට කූට මෙහෙයුමක් දියත් කරමින් සිටින බව අමාත්‍ය ගාමිනී ඡයවික්‍රම පෙරේරා මහතා පවසයි.

ඔහු මහනුවර ශ්‍රි දළදා වහන්සේ වැද පුදා හා මල්වතු අස්ගිරි මහානායකහිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබා ගැනීමෙන් අනතුරුව ‍මෙය පවසා තිබේ.

අලි පැටවුන් මෙසේ හොරෙන් ළඟ තබා සිටියදී වනජීවි දෙපාර්තුමේන්තුව හා අපරාධ පරික්ෂණ දෙපාර්තුමේන්තුව විසින් මෙම අලි සිය භාරයට ගෙන තිබේ.  

මේ වනවිට ඇසළ පෙරහැර සඳහා එම අලි අවශ්‍ය බව කියමින් ඔවුන් වෙත නැවතත් එම අලි ලබාගැනීමේ උත්සාහයක නිරත වන බව අමාත්‍යවරයා පවසයි.

ඔහු තවදුරටත් පැවසූයේ ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යතුමාගේ උපදෙස් මත එළඹෙන ඇසළ මංගල්‍ය වෙනුවෙන් අවශ්‍ය අලි ඇතුන් යෙදවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා පවත් ඒ සඳහා මෙරට සියලුම අලි හිමියන් වනජීවි අමාත්‍යාංශය වෙත ගෙන්වා ඒ සඳහා සුදුසු පියවර ගන්නා බවයි.

ලබන වසරේ සිට පින්නවල අලි අනාථාගාරයෙහි පෙරහැර සදහා අලින් පුහුණු කිරිමේ පාසලක් අරඹන බවත් ඔහු  පැවසීය.   

මෙසේ අලි සොරකම් වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබඳ සෙවීමට කමිටුවක්ද පත් කර ඇත.

  • Views 74