Post Thumb

ඇමති රවි කරුණානායක මහතා විසින් පවත්වාගෙන යන සන්ඩෙි ලීඩර් පුවත්පත මගින් ක්‍රිකට් ආයතනය සමිබන්ධයෙන් තොරතුරු හෙළිකිරිමත් සමඟ කරුණානායක මහතාට දිගටම පහර දෙන ලෙස නියොජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා සිය මාධ්‍ය හිතවතුන්ට පවසා ඇතිබවට තොරතුරු වාර්තා වේ. එංගලන්ත සංචාරයට ක්‍රිකට් ආයතනයේ නිළධාරින් 14 දෙනෙකු යාමට සුදානමක් පිළිබඳව සන්ඩේ ලීඩර් පුවත්පත මගින් හෙලිකිරිමත් සමඟ උරණ වීනෛ් පසු සුමතිපාල මහතා සිය මාධ්‍ය හිතවතුන්ට ඒ බව පවසා ඇත. හිතවත් මාධ්‍යවෙිදින් හදිසියේ පසුගිය 30 දින රාත්‍රියේ කැදවා සුමතිපාල මහතා පවසා ඇත්තේ පිටපත් දෙදහක් අලෙවි වන සන්ඩේ ලීඩර් පුවත් පත ඇමති රවි කරුණානායක මහතා විසින් පවත්වාගෙන යන බවට තොරතුරු සොයාගත් බවයි. ශ්‍රිලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රිවරුන් සමඟ ගොස් රවී කරුණානායක මහතා මුදල් ඇමති ධුරයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු තනතුරින් ඉවත් කරනතෙක් මාධ්‍යමගින් පහර දිය යුතු බව පවසා ඇත.

උපුටා ගැනීම - -srilaknews

  • Views 92