Post Thumb

පසුගිය ආණ්ඩු සමයේදී හම්බන්තොට වරායේ තෙල්ටැංකි සංකීර්ණය වීවෘත කිරීමේ උත්සවයට රුපියල් මිලියන 79ක් වියදම් කළේ නලින් අපෝන්සු නැමැත්තා නියෝජ්‍ය ප‍්‍රධානී ධුරය දැරූ ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ මහජන සම්බන්ධතා සහ සන්නිවේදන කොට්ඨාසය හරහා බව අනාවරණය වේ. විගණකාධිපති දෙපාර්තමේන්තුව මගේ අංක 2016 අප‍්‍රියෙල් 12වැනිදින නියෝජ්‍ය විගණකාධිකාධිපති වෙනුවට විගණන අධිකාරී විසින් වරාය අධිකාරියේ සභාපතිට යොමු කළ වාර්තාව ඒබව තහවුරු කරයි. එම වාර්තාවට අනුව මෙම මිලියන 79ට අමතරව තවත් විශාල මුදලක් එම කොට්ඨාසය හරහා වියදම් කර ඇතැයි හෙළිදරව් වී ඇත. 

පැනඩොල් පෙත්තේ වියදමද උත්සවයේ වියදමක් ලෙස දක්වා තිබේ. නිලධාරීන්ගේ නවාතැන් පහසුකම් සදහා පමණක් වැය කළ මුදල රුපියල් රුපියල් ලක්ෂ 57කි. තවද ලබාගෙන තිබූ අත්තකාරම් පියවීමේ වවුචර් බිල්පත් පරීක්ෂා කිරීමේදී එකී බිල්පත්වල වටිනාකම් සහ බිල්පත්වලින් සිදුකර ඇති වියදම්වල අසාමාන්‍ය බවක් නිරීක්ෂණය වේ. මේනිසා අත්කාරම් මුදල් පියවීමේදී ව්‍යාජ බිල්පත් යොදාගෙන ඇතැයිද විගණන වාර්තාව පවසයි. කෙසේනමුත් මේ සෑම අත්තිකාරමකට අවසාන වශයෙන් අනුමැතිය දිය යුත්තේ කොට්ඨාස ප‍්‍රධානියයි. මේනිසා සියලූ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් එවකට මහජන සම්බන්ධතා සහ සන්නිවේදන කොට්ඨාසයේ නියෝජ්‍ය ප‍්‍රධානියා ලෙස කටයුතු කළ නලින් අපෝන්සු නැමැත්තාට වගකීමෙන් නිදහස් විය නොහැකිය. ඔහු මේ වන විට අවස්ථා කිහිපයදීම ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසම් සභාවටද කැඳවා තිබේ.

  • Views 84