Post Thumb

ති‍්‍රකුණාමලය නාවික හමුදා කඳවුරේදී පැවති තමන් සහහාගි වූ දිවා භෝජන සංග‍්‍රහය පිළිබඳ නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා අදහස් පළ කර තිබේ.

ඔහු කියා සිටියේ නාවික හමුදාවේ ආරාධනයෙන් සිංගප්පූරු වෙළෙඳ අමාත්‍යවරයා හා දූත පිරිස සමග ඊට සහභාගි වූ බවයි. ඒ සඳහා අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතාද එක්ව සිටි බව  නසීර් අහමඞ් මහතා පවසයි.

ඉතා උණුසුම් ලෙස තමා පිළිගත් බවත්, ඉතා රසවත් දිවා ආහාරයක් නාවික හමුදාවෙන් තමා වෙත් ලබාදුන් බවත්, නැගෙනහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය නසීර් අහමඩ් මහතා පවසයි.

සාම්පූර් මහා විද්‍යාලයේ පැවති උත්සවයකදී නාවික හමුදාවේ උසස් නිලධාරියෙකුට බැනවැදීම හේතුවෙන් මහ ඇමතිවරයා තම කඳවුරුවලට ඇතුළුකර නොගැනීමට නාවික හමුදාව මීට පෙර තීරණය කර තිබුණත් පසුව එම තීරණය වෙනස් කර ඇත. 

  • Views 135