Post Thumb

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ හමුදා ආරක්ෂාව අද (03) සිට සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව යුද හමුදාව පවසයි.

හමුදා ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසූයේ ආරක්ෂක මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව මෙය සිදුකරන බවයි. 

මීට පෙර මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි හමුදා සාමාජිකයින්  පිරිසක් ඉවත් කිරීම සඳහා පියවර ගෙන තිබුණි.

අද ගෙන ඇති මෙම තීරණයත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබූ සෙසු හමුදා සාමාජිකයින්ද ඉවත් කිරීම සිදු වේ.

බි‍්‍රගේඩියර් ජයනාත් ජයවීර මහතා වැඩිදුරටත් කියා සිටියේ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂක කටයුතු විශේෂ කාර්ය බලකාය සහ පුහුණුව ලත් පොලිස් නිලධාරීන් විසින් සිදුකරනු ලබන බවයි. 

  • Views 125