Post Thumb

එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වය නැවතවරක් රනිල් වික්‍රමසිංහ මහතාට ලැබෙනු ඇතැයි වාර්තා වේ. ඒ ඉදිරියේදී පක්ෂයේ සිදු කෙරෙන සංශෝධන මතය. මීට අමතරව පක්ෂයේ ප‍්‍රධාන තනතුරු කිහිපයක් ඉදිරියේදී සංශෝධනය කිරීමට නියමිත බව වාර්තා වේ.  දේශපාලන ආරංචි මාර්ග කියාසිටියේ පක්‍ෂයේ මහලේකම් ධුරය ඇතුළු තනතුරු කිහිපයක් එලෙස සංශෝධනය වනු ඇති බවයි. ඒ අනුව මහලේකම් ධුරය පක්‍ෂයේ දෙවන පෙළ නායකත්වය නියෝජනය කරන අයෙකුට ලබාදීමටයි යෝජනා වී ඇත. ඒ අතර අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ නම ඉහළින්ම ඇතැයිද දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරයි.

පක්‍ෂයේ වෘත්තීය සමිති කටයුතු ශක්තිමත් කිරීමේ වගකීමද තරුණ නායකත්වයකට පත්කරනු ඇති. එමෙන්ම රුවන් විජේවර්ධන, හරීන් ප‍්‍රනාන්දු  සහ හර්ෂ ද සිල්වා යන මහත්වරුන්ටද තනතුරු ලබාදීමට නියමිත වේ. එක්සත් ජාතික පක්‍ෂයේ ව්‍යවස්ථාවට පරිබාහිරව පත්කර ඇති නායකත්ව මණ්ඩලය, නියෝජ්‍ය නායක ධුරය සහ උප නායක යන ධුර ඉදිරියේදී සංශෝධනය කෙරෙනු ඇත. එමෙන්ම මෑතකදී ඇති කරන ලද ජාතික නායක ධුරය වෙනුවට රනිල් වික‍්‍රමසිංහ මහතා නැවතත් පක්‍ෂ නායක ලෙස පත්කිරීමටද නියමිත බවද වාර්තා වේ.

  • Views 129