Post Thumb

ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක හා ජනතා සේවක පක්ෂයේ වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා අභාවප්‍රාප්ත වෙයි.

1969 වසරේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබාගත් එතුමා දේශපාලන මණ්ඩල සභිකයෙකු බවට පත්වූයේ 1984 වසරේ දී ය.

සෝමවංශ අමරසිංහ මහතා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට පත්වූ සභිකයින් දාහතර දෙනා අතරින් ඉතිරි වූ එකම පුද්ගලයා ලෙස සැලකේ.

සෙසු පිරිස 87, 89 කැරළිවලදී ජීවිතක්ෂයට පත්වී තිබේ.

සෝමවංශ අමරසිංහ මහතා  ජනතා විමුක්ති පෙරමුණේ සිව්වන නායකයා ලෙස 1990 අනූව වසරේ සිට 2014 වසර දක්වා කටයුතු කළේය.

පසුගිය වසරේ ජුනි මාසයේ දී පක්ෂයෙන් ඉවත් වූ ඔහු ජනතා සේවක පක්ෂය ආරම්භ කරමින් එහි නායකයා ලෙස නව දේශපාලන ගමනක් ඇරඹීය.

ඔහු අද පෙරවරුවේ අභාව ප්‍රාප්ත වූ අතර ඒ වනවිට හෙතෙම 74වන වියෙහි පසුවිය.

 

  • Views 133