Post Thumb

අභාවප‍්‍රාප්ත අලෙවි මවුලානා මහතාගේ අවසන් කටයුතු අද (16) පස්වරුවේ දෙහිවල ප‍්‍රදේශයේදී සිදු කෙරේ.

කෙටි කලක් රෝගීව සිටි අලෙවි මවුලානා මහතා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත විය. 

1932 වසරේ ජනවාරි මස පළමුවැනිදා උපත ලැබූ එතුමා 1956 වසරේදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගෙන ඇත.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසත්, කම්කරු අමාත්‍යවරයා ලෙසත් කටයුතු කළ එතුමා බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා බවට පත්විය. එසේම සබරගමුව වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙසද  එතුමා කෙටිකාලයක් කටයුතු කර තිබේ.

දේශපාලන විචාරකයින් පවසනුයේ කම්කරු නායකයෙකු ලෙස අලෙවි මවුලානා මහතා කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කළ බවයි. 

  • Views 108