Post Thumb

ස්විස්ටර්ලන්තයේ ක්‍රියාත්මක පාලන ක්‍රමය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළ යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ස්විස්ටර්ලන්තයේ ප්‍රධාන ජාතියට මෙන්ම සුළු ජාතීන්ටද බලය බෙදාහරිමින් සියලු දෙනා එක්ව ගෙනයන පාලන ක්‍රමයක් ක්‍රියාත්මක බවයි.

ඒ අනුව එරට සියලු ජන කොටස් වලට තමන්ගේ අභිමතය අනුව කටයුතු කිරීමට හැකි වාතාවරණයක් උදාවී ඇති බව සී.වී විග්නේෂ්වරන් මහතා පවසයි.

මෙරට  ස්විස්ටර්ලන්ත තානාපති හෙන්ස් වෝකර් මහතා සමඟ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා මෙම අදහස් පළ කර තිබේ.

 

  • Views 115