Post Thumb

ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා මහතා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මස්සිනා කෙනෙකු නොවන බව තහවුරු වේ. මීටපෙර  වෘත්තීය සමිති නායකයින් මාධ්‍ය සාකච්ඡුා පවත්වමින් පැවැසුවේ ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා මහතා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ මස්සිනා කෙනෙකු වන බවයි. නමුත් එවැනි ඥාතිකමක් නොමැති බව දැන් අනාවරණය වේ. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්්‍ය කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන ආචාර්ය ප‍්‍රසන්න පෙරේරා මහතා පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේදී යහපාලනය ඇති කිරීම උදෙසා පෙනී සිටි පුද්ගලයෙකි. ආර්ථික විද්‍යාව පිළිබදව හසල දැනුමක් ඇති ඔහු ශ‍්‍රී ලංකා වරාය අධිකාරියේ උප සභාපති ලෙස පත් කර ඇත්තේ ඔහු සතු මූල්‍ය දක්ෂතාව නිසාමය. 

  • Views 221