Post Thumb

හඳුන්වාදීමට නියමිත නව රේගු ආඥා පනතට විරෝධය පළ කරන බව රේගු වෘත්තීය සමිති සන්ධානය පවසයි.

එහි උප සභාපති ලාල් වීරකෝන් මහතා පැවසුවේ පවතින පනත සංශෝධනය කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවයි.

විවිධ පාර්ශවයන්ගේ උවමනාවන් වෙනුවෙන් අදාළ රේගු ආඥා පනත සංශෝධනය කිරීමට සැළසුම් කර ඇති බව ලාල් වීරකෝන් මහතා පවසයි.

මෙම නව රේගු ආඥා පනතට විරෝධය පළ කිරීම සඳහා අද(22) දිවාකාලයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර ඇති බව ද ලාල් වීරකෝන් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

  • Views 172