Post Thumb

බන්ධනාගාරගතව සිටින වෙලේ සුදා මෙහෙයවූ මත්කුඩු ජාවාරමක් වටලමින් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝවක් පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තිදෙනෙකු හා නවීණ පන්නයේ වාහන දෙකක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් සමත්විය.

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් කොළඹ නගරයේ අද අලුයම කළ වැටලීමකදී මෙම සැකකරුවන් හා මත්කුඩු අත්අඩංගුවට ගෙන තිබේ.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාවාරමක කොටසක් සේ සළකා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මත්ද්‍රව්‍ය කාර්යාංශය වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනවා සිදු කරනු ඇත.

වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ බන්දනාගාරගතව සිටින වෙලේසුදා හා තවත් අයෙකු එක්ව මෙම ජාවාරම මෙහෙයවා ඇති බවයි.

 

  • Views 157