ගාන්ධාර දේශයෙන් වැඩමවන ලද ශ්‍රී සර්වඥ ධාතු වන්දනා මහා පූජාව සේදවත්ත වෙහෙරගොඩ පුරාණ විහාරස්ථානයේ දී ඊයේ පැවැත්විණි.

පකිස්ථාන රජයේ අනුග්‍රහය ඇතිව ගාන්ධාර දේශයෙන් වැඩමවන ලද ශ්‍රී සර්වඥ ධාතු ජූජාව අග්‍රාමාත්‍යතුමාගේ මගපෙන්වීම යටතේ සංවිධානය විය.

මේ සඳහා සහභාගී වෙමින් ගරු වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසූයේ මෙම පූජාව තුළින් මුළු ලෝකයටම ආදර්ශමත් පණිවුඩයක් ලබාදීමට සමත් වූ  බවයි.

“බෞද්ධයෝ හැටියට බෞද්ධ විහාරයක සිදුකරන මෙම ක්‍රියාදාමය සහ අනිකුත් ආගමික නායකයින් අපි වෙනුවෙන් ඇවිල්ලා සිදු කරන ලද මෙම දායකත්වය  මුළු ලෝකයටම ප්‍රදර්ශනය කළ යුතුයි. මෙය ඉතා සුවිශේෂී අවස්ථාවක්. රජයක් හැටියට ආගමික සංහිදියාව ඒ වගේම සියලු දෙනා එකතු වී මේ රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙළක් අපි කළ යුතුයි. එය අද මේ විහාරස්ථානයෙන් ප්‍රදර්ශනය කර තිබෙනවා...” යැයිද එතුමා එහිදී පැවසීය.

  • Views 105