මාතර ප‍්‍රදේශයේ ඉඩම් ගනුදෙනුවකට අදාළව හිටපු ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් පසුගියදා අත්අඩංගුවට ගැනුණි.

මෙසේ අත්අඩංගුවට ගත්  බැසිල් රාජපක්ෂ මහතා මේ වනවිට ඇප මත මුදාහැර තිබේ.

සැකකරු මාතර මහේස්ත්‍රාත් යුරේෂා ද සිල්වා මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් 50,000ක මුදල් ඇපයක් හා ලක්ෂ 10 බැගින් වන ශරීර ඇප 3ක් මත මෙලෙස මුදාහැර ඇති බව වාර්තා වේ.

එසේම සෑම මසකම අවසන් ඉරිදාට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කර තිබේ.
(දර්ශන - අද දෙරණ)

  • Views 141