Post Thumb

බස්නාහිර පළාතේ ගුරු විභාගය සමත් වූ උපාධිධාරීන්, ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට පියවර ගන්නා ලෙස ලංකා ගුරු සේවා සංගමය රජයෙන් ඉල්ලීමක් කරයි.

එම සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා පැවසුවේ තරග විභාග පවත්වා වසර 02කට ආසන්න කාලයක් ගත වුවද අදාළ බඳවා ගැනීම් සඳහා මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ දෙපාර්තමේන්තුව අනුමැතිය ලබාදී නොමැති බවයි.

බස්නාහිර පළාත් ගුරු විභාගය සමත් උපාධිධාරීන් 4000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට රැකියා විරහිතව සිටින බව මහින්ද ජයසිංහ මහතා පවසයි.

අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය අනුමැතිය කඩිනම්න් ලබා දෙන ලෙසට මුදල් අමාත්‍යාංශයට බලකරමින් බස්නාහිර පළාත් උපාධිධාරීන්ගේ එකමුතුව සමග එක්ව පා ගමනක් සංවිධානය කර ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. 


මේ වන විට එම පා ගමන කොළඹ කොටුවෙන් ආරම්භ වී මුදල් අමාත්‍යංශය දක්වා ගමන් කිරීමට උත්සහ දැරීමේදී ලෝටස් පාර ආරම්භයෙන් බැරියර් යොදා පොලීසිය විසින් පාර අවහිර කර ඇති බවද වාර්තා වෙයි.

එමෙන්ම එම ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවද සඳහන්ය.

ලංකා ගුරු සේවා සංගමයේ සභාපති ලාල් කුමාර මහතා ඇතුළු පිරිසක් මේ වනවි‍‍ට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට මුදල් අමාත්‍යංශය වෙත ගොස් ඇති බවද වාර්තා වේ.

 

මෙම විරෝධතා ව්‍යාපාරයට ඉතාමත් සීමිත උපාධිධාරීන් පිරිසක් සහභාගී වී ඇත.

  • Views 197