Post Thumb

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්වාස් ගුණවර්ධන මහතා අත්අඩංගුවට ගෙන තිබේ.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(27) පෙරවරුවේ ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ව්‍යාපාරික පුද්ගලයෙකුගෙන් බලහත්කාරයෙන් මුදල් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙසේ ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. 

රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් චෙක්පත් මගින් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන අත්අඩංගුවට ගනු  ලැබීය.

ඔහු ලබන 5 වනදා තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට අධීකරණය නියෝග කර ඇත.

ව්‍යාපාරිකයෙකු වූ රිච්මන්ඩ් සෙල්වනාදන් නමැත්තාට තර්ජනය කර රුපියල් කෝටි 61කට ආසන්න මුදලක් බලහත්කාරයෙන් ලබා ගත්තේ යැයි සජින් වාස් ගුණවර්ධනට චෝදනා එල්ල විය.

ඒ අනුව රහස් පොලීසිය ඔහු අත්අඩංගුවට ගෙන පසුව අධිකරණයට ඉදිරිපත් කළේ්ය.

 

 

  • Views 66