Post Thumb

මහ බැංකුවේ බැදුම්කර නිකුතුව සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන වාර්තාවක් ජනාධිපතිවරයාට, අග්‍රාමාත්‍යවරයාට සහ කෝප් කමිටුව ඇතුළු පාර්ශව වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස කැෆේ සංවිධානය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාවෙන් ඉල්ලීමක් කර තිබේ.


එම කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වෙත ලිපියක් යොමු කරමින් කැෆේ සංවිධානය පෙන්වා දෙන්නේ අදාළ බැදුම්කර නිකුතුව පිළිබඳ කොමිසම විසින් පුළුල් විමර්ශනයක් සිදු කර ඇති බවයි.

එහෙත් මේ දක්වා ඒ සම්බන්ධයෙන් නඩු පැවරීමක් සිදු කර නොමැති බැවින් අදාළ විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස එම සංවිධානය පෙන්වා දෙයි.

කැෆේ සංවිධානය පවසන්නේ ජුනි මස 30 වනදා සිට මහ බැංකු අධිපතිවරයා ලෙස පුද්ගලයෙකු නම් කිරීම සඳහා ජනාධිපතිවරයාට සහ අග්‍රාමාත්‍යවරයාට තීරණයක් ගැනීම පහසු කරදීමට එවැනි වාර්තාවක් වැදගත් විය හැකි බවයි.


 

 

  • Views 80