Post Thumb

පෙරහැර මංගල්‍යය සඳහා හීලෑ අලි ඇතුන් ලබාගැනීම සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වෙන බව අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.  

පෙරහැර සඳහා අලි ඇතුන් ලබාගැනීමේදී ඇතිවන ගැටලු විසදීමට කමිටුවක්ද පත්කර තිබේ.

පෙරහැර මංගල්‍යය සඳහා අලි ඇතුන් තිස් පස් දෙනෙකු පුහුණු කිරීම වෙනුවෙන් වන කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවද ගාමිණි ජයවික්‍රම පෙරේරා සඳහන් කරයි.

නීතිවිරෝධි අලි ඇතුන් රඳවා ගැනීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව අද පැවැත්වෙන සාකච්ඡාවේදී අවධානය යොමු  කරන බව අමාත්‍යවරයා පවසයි.

 

  • Views 108