දූෂණය පිටු දැකීමට ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි. බ්‍රිතාන්‍යයේ දූෂණ විරෝධී සමුළුව අමතමින් එතුමා මේ බව පැවසීය.

“දූෂණය, දේශපාලන භීෂණය වගේම මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබ‍ඳවත් බරපතල චෝදනා සහිත යුගයක් ශ්‍රී ලංකාව පසුකරා. පසුගිය පාලනය ප්‍රතික්ෂේප කරමින් මේ රටේ ජනතාව 2015 පැවති ජනාධිපතිවරණයේදී යහපාලන රජය බලයට පත් කර ගත්තේ දූෂිත පාලනයෙන් මිදීමේ සැබෑ අවශ්‍යතාවය මතයි. ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ නීතියේ ආධිපත්‍ය සුරැකීම යන ප්‍රතිපත්ති මත පත්වූ රජයක් ලෙස දූෂණය රටින් තුරන් කර දැමීම අපේ අරමුණයි. ඒ ස‍ඳහා වැදගත් පියවර රැසක් මේ වනවිටත් ගෙන  අවසන් කරලයි තිබෙන්නේ ”  යනුවෙන්ද එතුමා එහිදී පැවසීය.

  • Views 117