Post Thumb

බැංකු අධිපති ධුරය මුල්කර ගනිමින් වෙළඳපළ අර්බුදයක් හා මූල්‍ය ක්ෂේත්‍රයේ බිඳවැටීමක් සිදුව ඇති බවට ගෙන යන ප්‍රචාර ප්‍රතික්ෂේප කරන බව රජය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනුයේ බැංකු කටයුතු, වෙළඳ කටයුතු හා මූල්‍ය ක්ෂේත්‍රයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදු වන බවයි.

මහ බැංකු අධිපතිවරයා ලෙස කටයුතු කළ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ ධූර කාලය ඊයේ දිනයෙන් අවසන් වූ අතර නව මහ බැංකු අධිපතිවරයෙකු පත් කිරීමට නියමිතව ඇත.

ඒ අනුව මුදල් අමාත්‍යවරයාගේ නිර්දේශය ලැබීමෙන් පසු අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කර ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් එම පත් කිරිම සිදු කිරීමට නියමිත බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ වනවිට විදෙස්ගතව ඇති බැවින් ඔහු දිවයිනට පැමිණිමෙපසු නව මහ බැංකු අධිපති ධූරය සඳහා නිර්දේශය ලබා ගැනීමට නියමිත බව වාර්තා වේ.

  • Views 226