Post Thumb

කල්පිටිය සංචාරක කලාපයට අයත් පල්ලියවත්ත දූපත මුහුදට බිලිවීමේ අවධානමක් පවතින බව වාර්තා වේ.

දූපතේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එම දූපතේ පදිංචිකරුවන් පවසයි.

කල්පිටිය නගරයේ සිට කිලෝමීටර 12ක් දුරින් පිහිටි පල්ලියවත්ත දූපත සංචාරක ආකර්ෂණය දිනා ගත් දූපතක් ලෙස සැලකේ.

පවුල් 100 ක් පමණ එහි ජීවත්වූ අතර දූපත මුහුදු ඛාදනයට ලක්වීමත් සමඟ ධීවරයින් පිරිසක් බත්තලංගුන්ඩු දූපතට සංක්‍රමණය වී සිටී.

ධීවර වාඩි මෙන්ම වෙරළාසන්නයේ තිබූ පොල් ගස්ද මෙසේ මුහුදට බිලි වී ඇති බව පල්ලියවත්ත දූපත් වාසීන් පවසයි.

එහි වත්මන් තත්ත්වය වයඹ පළාත් ධීවර අමාත්‍ය සුමල් තිසේරාගේ නීර්ක්ෂණයට ලක්විය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සාකච්ඡා කොට දූපතේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පලාත් අමාත්‍යවරයා පවසයි. 

  • Views 120