Post Thumb

නවක වදයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට සිසුන් මැළිවීම හේතුවෙන් ඊට එරෙහිව පියවර ගැනීමට නොහැකි බව ය.

කෙසේවෙතත් මේ වනවිට නවක වදය සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ ය.

එතුමා වැඩිදුරටත් පැවසුවේ, නවක වදය පාලනය කිරීමේ වගකීම උපකුලපතිවරුන් ඇතුළු පාලක මණ්ඩල වෙත පැවරෙන බව ය.

  • Views 158