Post Thumb

නව උදාගම් වැඩසටහන යටතේ 06 වැනි උදා ගම්මානය එළඹෙන 15 වැනිදා ජනතා අයිතියට පත්කෙරෙන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

කාමච්චි ග්‍රාමම් මඩකලපුව දිස්ත්‍රික්කයේ එරාවුර්පත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සවුකඩ්හි දී විවෘත වේ.

එක් නිවසක් සඳහා පර්චස් 15 ක් වෙන්කර ඇති අතර සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 04 කි. මෙම වැඩසටහන යටතේ නිවාස 25 ක් ඉදිකර තිබේ.

ගම්මානයේ පිවිසුම් මාර්ග සහ අභ්‍යන්තර මාර්ග මැනවින් පිළිසකර කර ඇති බවත්, සෑම නිවසකටම විදුලි බලය සැපයෙන් බවත්, නිවසකට එක බැගින් ළිං සහ නළ ළිං 04ක් ඉදිකර ඇති බවත් අනාවරණය වේ.

මෙම උත්සවයේදී නිවාස ලාභීන්ට  හිමිකම් ඔප්පු ලබාදීමට නියමිතය.

මෙම ගම්මානය නැගෙනහිර පළාතේ විවෘත වන දෙවැනි උදා ගම්මානයයි. අමාත්‍යාංශය පවසනුයේ මෙය දෙමළ භාෂාව හසුරුවන බහුතරයක් සිටින ප්‍රදේශයක ඉදිකළ පළමු උදා ගම්මානය ද වන බවයි.

  • Views 193