Post Thumb

මෙවර ආසියානු බෝට්ටු  පැදීමේ තරගය ශ්‍රී ලංකාවේ පැවිත්වීමට කටයුතු සංවිධානය කර ඇති බව අනාවරණය වේ.

මෙම මස 28 වැනිදා සිට ජූනි මස 05 වැනිදා දක්වා ත්‍රීකුණාමලය වෙරළ තීරයේ මෙම තරගය පැවැත්වෙනු ඇත.

මේ සඳහා රටවල් 16 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයින් 120 ක් සහභාගී වනු ඇත.

තරගය  සංවිධානය කරනු ලබන්නේ ක්‍රඩා අමාත්‍යාංශය සහ සංචාරක අමාත්‍යාංශයයි. 

මෙම තරගය  පිළිබඳ අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍යවරයා පැවසූයේ, මෙවැනි තරග තුළින් සංචාරකයින් ශ්‍රී ලංකාව වෙත ආකර්ෂණය කර ගැනීමේ හැකියාව වර්ධනය වන බවයි. 

  • Views 183