Post Thumb
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අදයි.
 
ඊයේ (02) දිනයේ තරඟය නිමා කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දීය කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 371ක් ලබා සිටියේය.
 
ඉන්දීය ඉනිම වෙනුවෙන් මුරලි විජේ ලකුණු 155ක් ලබාගත් අතර  විරාත් කෝලි නොදැවී ලකුණු 156ක් ලබා සිටියි.
 
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ලක්ෂාන් සඳකැන් කඩුලු 02ක් බිද හෙළු අතර ළහිරු ගමගේ සහ දිල්රුවන් පෙරේරා එක් කඩුල්ල බැඟින් බිද හෙළුලී.
  • Views 3