Post Thumb
පොලොන්නරුවේ ඉදි කිරීමට නියමිත ජාතික වකුගුඩු රෝහල සඳහා මුල්ගල තැබීම හෙට(06) ජනාධිපති මෛත්‍රීපාල සිරි‍සේන මහතා අතින් සිදු කෙරෙයි.
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඉල්ලීමක් පරිදි චීන රජය විසින් මෙම වකුගඩු රෝහල මෙරටට ලබාදී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාව වෙනුවෙන් ජනාධිපතිවරයා තුළ තිබූ දිගු කාලීන අපේක්ෂාවක් ඉටු කරමින් ඉදි කෙරෙන මෙම රෝහල දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස ඉදි කෙරෙනු ඇති.
 
පොලොන්නරුව මහ රෝහලට නුදුරින් 28 කණුව ප්‍රදේශයේ ඉදි කෙරෙන මෙම ජාතික වකුගඩු රෝහල සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 12,000 ක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
 
උතුරු මැද පළාතේ පමණක් නොව රට පුරා විසිරී සිටින වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙම රෝහල ඉදි කෙරෙන අතර මෙය ලොව නවීනතම පරීක්ෂණාගාර සහ අධි තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වනවා.
 
වකුගඩු බද්ධ කිරීම ශල්‍යකර්ම, රුධිර කාන්දු කරන සේවා ඇතුළු සායනික සේවාවන්, රසායනාගාර සේවාවන්, උපදේශන සේවාවන් ඇතුළු සියලු සේවාවන් මෙම රෝහල මඟින් සැපයෙයි.
 
ඇඳන් 200 කින් යුතු නේවාසික රෝගී ප්‍රතිකාර ඒකකයක්, රුධිර කාන්දු කරන ඇඳන් 1000 ක් සහ නවීන තාක්ෂණ පහසුකම්වලින් යුතු ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක 02 ක් සහ ලේ බැංකුවක්ද මෙම රෝහලට ඇතුළත් වෙයි.
  • Views 2