Post Thumb

මඩකළපුව ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් විශාල ප්‍රමාණයක් ගොඩ ගසා ඇත්තේ මුහුදු ජලයේ පවතින උෂ්ණත්වය හේතුවෙන් බව නාරා ආයතනය ප්‍රකාශ කර තිබේ.

කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව නාරා ආයතනය පවසයි.

පෙරේදා පස්වරුවේ මඩකළපුව, නාවල්අඩි ප්‍රදේශයේ මුහුදු වෙරළට මුහුදු සර්පයින් රැසක් ගොඩගසා තිබූ අතර ධීවර දැල් කිහිපයකට ද මෙම මුහුදු සර්පයින් බහුල වශයෙන් හසුවූ බව ධීවරයින් ප්‍රකාශ කර තිබුණි.

මෙලෙස මුහුදු සර්පයින් බහුල වශයෙන් හමුවීමට නිශ්චිත හේතුවක් අනාවරණය වී නොතිබූ අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරන ලෙසට ධීවර අමාත්‍යංශය නාරා ආයතනයට ඊයේ දිනයේ දැනුම් දී ඇත.

  • Views 6